Stylish Party Dresses and Frocks in Sri Lanka: Discover the Perfect Outfit for Every Occasion!
පැහැපත් සමක් ලබාගන්න හොඳම ස්වභාවික අමුද්‍රව්‍ය හතක් – How to get fair skin with natural ingredients

පැහැපත් සමක් ලබාගන්න හොඳම ස්වභාවික අමුද්‍රව්‍ය හතක් – How to get fair skin with natural ingredients

රූපලාවන්යයේ දී සමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පන්ච කල්යාණයන්ගෙන් එකක් ලෙස සලකන සම සුදු කර ගන්න, පැහැපත් කර ගන්න වගේම ලස්සන වෙන්න බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වනවා. ස්වභාවික අමු ද්රව්ය උපයෝගී කර ගනිමින් තමන්ගේ රූ සපුව අලන්කාර කර ගැනීම පිළිබද තොරතුරු ඉතිහාසයේ ශතවර්ෂ ගනණාවක් ඈතට දිව යනවා. ස්වභාදහමේ අශිර්වාදයක් කොට ලැබුනු මෙම ස්වභාවික අමුද්රව්ය භාවිතා කරමින් නීරොගී පැහැපත් සමක් හිමි කර ගැනීමට සියල්ලන්ට අවස්තාව ඇත. අප දැන් ඔබට පවසන්න යන්නේ මේ විශ්මිත ගුණ සපිරි, පන්චකල්යාණියන් බිහි කිරීමට සමර්ත වූ ස්වභාවික අමුද්රව්ය හතක් පිළිබදවයි.

සම්පූර්ණ වීඩියෝව 👉👉 https://youtu.be/vR1Z-mCIMi8

01.කෝමාරිකා

බොහෝ දෙනෙක් දන්න සුවිශේෂී ගුණ සපිරි සුව ඔසුව ‘ කෝමාරිකා’ . ඝර්භ කලාපීය ප්‍රදේශ වල සරුවට වර්ධනය වන මෙම කෝමාරිකා ශාකය මාන්සලමය පත්‍ර වලින් යුක්ත වූ ශාකයකි. කෝමාරිකා ශාකයේ සාමාන්‍යයෙන් සෙ.මී. 60 ත් සෙ.මී. 100 ත් අතර පත්‍ර වර්ධනය වීමක් මේම ශාකයෙහි දක්නට ලැබේ. කහ පාටින් යුක්ත කුඩා පුෂ්ප හට ගන්නා මෙම කෝමාරිකා ශාකයේ ප්‍රයෝජන බොහෝය. විටමින් බි 12 කෝමාරිකා වල අඩන්ගු වේ.එමගින් හර්දය හා රුධිර සන්සරණය යහපත් තත්වයේ පවත්වා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම කැල්සියම්, සෝඩියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් A,C,D,E වැනි සන්යෝග 200 ක් පමණ ප්‍රමාණයක් මෙම කෝමාරිකා ශාකයේ අඩන්ගු වේ.මන්ද මෙහි ඇති බීටා සිට්‍රෙස්ටෙරෝල් මගින් රූමටයිඩ්, ආතරයිටීස් වැනි සන්ධි රෝග සමනය මෙන්ම මාන්ශ පිඩු හොදින් ක්‍රියා කිරීමේ හැකියාවද ලබා දෙයි. රූපලාවන්‍යයේ දී බොහෝ වටිනා කමක් සහිත කෝමරිකා වලට සම සම්බන්ද ගැටලු විශාල ප්‍රමාණයක් මග හරවා සුන්දර පැහැපත් හිමි කර දීමට ඇත්තේ පුදුම හැකියාවකි. එලෙස ආකාර කිහිපයකින් අපට කෝමාරිකා භාවිතා කළ හැක. කෝමාරිකා මදය ගෙන එය සීනි සමග මිශ්‍ර කර මුහුන හොදින් සම්භාහනය කිරීමෙන් සමෙ මරුනු සම ඉවත් කර ගැනීමේ හැකියාව ඇත.කොමාරිකා මදය ස්වල්පයකට විටමින් ඊ කරලක් දමා ආලේප කිරීමේන් සමේ වයස්ගත පෙනුම මග හරවා , සමේහි රැලි වැටීම් පාලනය කරයි. එමෙන්ම කෝමාරික සමග කහ මිශ්‍ර කර ආලේප කිරීම සමේ පැහැය වර්ධනය කර ගැනීමටද ඇති හොදම විසදුමකි.

02.වෙනිවැල්

සිනිදු පොත්තක් සහිතව විශාලව වැවෙන වැලක් ලෙස වෙනිවැල් ශාකය හදුන්වා දිය හැක. මෙහි විද්‍යාත්මක නාමය Coscinium Fenestratum Gaerth වේ. මෙම මහා ඖෂධ ගුණයකින් යුක්ත වූ වෙනිවැල් ශාකය Menisrermaceae [ගුඩුවි] නම් කුලයට අයත් බව සදහන් වේ. මෙම වැලෙහි සෙ.මී. 10 / සෙ.මී. 20 අතර පමණ විශාල වූ පළල් හා රව්ම් වූ පත්‍ර දකින්නට ලැබේ. ශ්‍රී ලන්කාවේ පහත රට තෙත් කලාපයේ වනාන්තර වල මෙන්ම අතර මැදි කලාපීය වනාන්තර වලද මෙම ශාකය වැඩේ.

වෙනිවැල් [ වනුවැල්] ලෙස පැරැන්නන් හදුන්වන මෙම වැල් වර්ගය පයට පෑගීමෙන්ද පුදුමාකාර ඖෂධ ගුණයක් ලැබෙන ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන්නට විය.මිනිස් ශරීරයේ ඇති වන ලෙඩ රෝග රාශියකට වගේම , ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියටත් වෙනිවැල් වලින් ලැබෙන්නේ පුදුමාකාර ගුණයකි. එමෙන්ම ශරීරයෙ රුධිර සීනී මට්ටම පාලනය කරන ශරීර ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාකාරීත්වයද උත්තේජනය කිරීමේ විශ්මිත ගුණයක් වෙනිවැල් සතුව පවතී. ඇගේපතේ වේදනාවන්, උණ, සෙම් රෝග ආදී තත්වයන් වලදීද සුව දෙන මෙම වෙන්වැල් ඖෂධීය වටිනකමින් ඉතාමත් ඉහල අගයක් ගනී.

ඈත අතීතයේ සිට අද දක්වාම ශරීරයට ගුණ දෙන මෙම වෙනිවැල් කාන්තාවන් තම රූප සම්පත්තිය වැඩි කර ගැනීම සදහා යොදා ගත් බවට සාධක ඇත. තමන්ගේ රූ සපුව අලන්කාර කර ගැනීමට වෙනිවැල් වඩාත් ගුන දායක බව ඔවුන් දැන සිටි කරුණක් විය.

ශරීරයේ ලෙඩ රෝග රාශියකට වගේම සමේ පැහැය වර්දනය කර ගනිමින් රන් වන් පැහැති සුන්දර සමක් හිමි කර ගැනීමටද වෙනිවැල් කියන්නේ දිව ඔසුවකි. කෑලි වශයෙන් හා කුඩු ලෙස මිලදී ගැනීමට හැකි වෙනිවැල් බෙහෙත් බඩු කඩවල් වලින් පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව ඇත.
මෙම විශ්මිත හෙල ඔසුව ආකාර කිහිපයකින්ම අපට ප්‍රයෝජනයට ලබා ගත හැක.

වෙනිවැල් තම්බා පානය කිරීම අපේ ශරීරයේ රෝග රැසකට යෝග්‍ය වන අතරම මෙහි ඇති සුවිශේෂී ගුන මිනිස් ශරීරයේ නීරෝගී කම වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වේ.ප්‍රතිශක්තීකරණ ගුනය ඇති කර ලීමට සමත් මෙම විශ්මිත ඖෂදය පානය කිරීමෙන් ශරීරයේ ලෙඩ රෝග බොහෝමයකට ඔරොත්තු දීමේ හැකියාවද ඇති කරනු ලබනවා. ඒ වගේම වෙනිවැල් කුඩු විවිද ආලේපන වර්ග වලටද, පැක් වර්ග වලටද බහුලව යොදා ගන්නා අමුද්‍රව්‍යක් වේ.වෙනිවැළ් අඩන්ගු විවිධ නිශ්පාදනයන් ද වෙළද පොලේ අපිට දකින්නට ලැබෙනවා. මේ වෙනිවැළ් තැම්බූ ජලයෙන් මුහුන සේදීම මගින් මුහුන හොදින් පිරිසිදු කර ගැනීමටත් සමෙහි ඇති ළප කැලැල් මකා දමා ගැනීමටත් අවස්තාව හිමි වේ.

03. සුදු හදුන්

ඖෂධීය වටිනාකමෙන් ඉහළ අගයක් ගන්නා සුදු හදුන් මීටර 6 ත් 10 ත් පමණ උසට වැඩෙන ප්‍රනීත සුවදකින් යුක්ත වූ කදක් සහිත ශාකයකි. මෙහි සෙ.මී. 6 පමණ දිගු පත්‍ර දැකිය හැක . මෙහි විද්‍යාත්මක නාමය Erythroxylum Novogranatens ලෙස සදහන් වේ. මෙම සුදු හදුන් ශාකය Santalaceae නම් කුලයට අයත් වේ.සුදු හදුන් ලෙස බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ මෙම ශාකය විවිධ නම් වලින් හදුන්වනු ලබයි. කදුකර ප්‍රදේශ වල හැදෙන ශාකයක් නිසා ‘මලයව’ යන අරුතින් ද උතුම් ශාකය යන අරුතින් ‘භද්‍රසී’ යනුවෙන් ද සුවදවත් ශාකය යන අරුතින් ‘ගන්දසාර’ නමින් ද සුදු පැහැති අරටුවක් ඇති හෙයින් ස්වේත චන්දන’ යනුවෙන් ද මෙම සුදු හදුන් ශාකය හදුන්වනු ලැබේ. දේශීය වෙද්‍ය විද්‍යාවේ ද ලෙඩ රෝග රැසකට සුව දෙන මේ සුදු හදුන් ශාකය වටිනා කම අතින් ඉතා ඉහල ස්තානයක පවතී. රූපලාවන්‍ය කටයුතු වලදීද බොහෝ ප්‍රයෝජනයට ගන්නා සුදු හදුන් සම පැහැපත් කිරීමට වර්තමානය වන විට බොහෝ කාන්තාවන් භාවිතයට ගන්නා අමුද්‍රව්‍යකි.විවිධ ආලේපන වර්ග සහ සුවද විලවුන් වර්ග සදහාද සුදු හදුන් යොදා ගනී. එමෙන්ම සුදු හදුන් , කහ, කඩල පිටි, මී පැණි සමග මුශ්‍ර කර ආලේප කර සම පැපැපත් කර ගැනීමට අද බොහෝ දෙනා පෙලබී සිටිනවා. ඇත්තෙන්ම එය ඔබේ සමට කරන්නට පුලුවන් හොදම සත්කාරයක් ලෙස පෙන්වා දිය හැක . ඔබ එදිනෙදා භාවිතා කරන පැක් වර්ග වලටද මෙම සුදු හදුන් මිශ්‍ර කර ආලේප කර හැකිය.

04. කහ

බොහෝ දෙනෙක් අතර ඉතාමත් ප්‍රචලිත රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් වන කහ සම පැහැපත් කිරීමට ඇති හොදම ස්වභවික සත්කාරයකි.කහ උපයෝගී කර ගනිමින් සකසන ලද විවිධ ආලේපන වර්ගද වෙළදපොලේ අපට දකින්නට ලැබේ. රන් වන් ලස්සන සමක් හැමෝගේම සිහිනයක්. රසායනික ද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද ආලේපන වර්ග භාවිතා කර සම විනාශ කර නොගෙන ස්වභහවිකවම පැහැපත් වීමට මේ කහ අපට උපකාරී වේ. කහ ශරීරයේ ගැල්වීමෙන් මැරුනු සම ඉවත් වන බව තහවුරු කර ගෙන ඇත.එම නිසාම සම පැහැපත් කිරීමේ ආලේපනයක් ලෙසත්, අකලට සම වයසට යෑමේ වැළැක්වීමටත්, සුන්දරත්වය වර්ධනය කරන ඖෂධයක් ලෙසත් කහ අතීතයේ සිටම භාවිතා වේ.වෙළද පොලේ දකින්නට ලැබෙන බොහෝ ආලේපන වර්ග වලද කහ සන්යෝග කර සකසා ඇත්තේ කහවල සතු මෙම සුවිශේෂී ගුණය නිසාමය.

05.කුන්කුම

මිලෙන් අදික බව පවසන කුන්කුම හෙවත් රතු රත්තරන් කව්රුත් දන්නා කුලු බඩු වර්ගයක් ද වේ. ‘ක්‍රොකස්’ නැමති මලෙන් ලබා ගන්නා රේනු වලින් මෙම කුන්කුම සාදනු ලැබේ. මෙය පොළව මතු පිට හට ගන්නා කුඩා පැළෑටියකි.ඉතාලිය,ප්‍රන්ශය,ඉරානය, කාශ්මීරය යන රටවල් වල මෙම පැළෑටිය වැඩි වශයෙන් වගා කරයි.යුවතියන්ගේ රුව රකින රූපලාවන්‍ය උසු අතර කුන්කුම වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.සම මතුපිට පවතින මැරුණු සෛල ඉවත් කරමින් සම පිරිසිදු සහ ප්‍රතිඔක්සීකාරකයක් ලෙසද මෙය ක්‍රියා කරයි. වයස් ගත පෙනුම පාලනය කර තරුණ පෙනුම රැක ගැනීමට කුන්කුම දායක වේ. කිරි වීදුරුවකට කුන්කුම රේනු තුන හතරක් දමා පානය කිරීම මගින් සමේ පැහැපත් බව වර්ධනය කර ගනිමින් සමේ සුන්දරත්වය ආරක්ශා කර ගැනීමට හැකියාව ඇත.විවිද ක්‍රීම් වර්ග වලද කුන්කුම සන්යෝග කර ගනිමින් නිපදවා ඇත්තේ කුන්කුම සතු මෙම සුවුශේෂී ගුනය නිසාමය.

06.කොහොඹ

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සහ අයුර්වේදයේද බහුලව භාවිතා වන කොහොඹ ශාකය අඩි 50 ක් පමණ උසට වර්ධනය වන ශාකයකි. ඉන්දියාව,මැලේසියාව හා ශ්‍රී ලන්කාවට ආදේශික ශාකයක් ලෙස කොහොඹ ශාකය හදුන්වනු ලබයි. මෙම ශාකය ශ්‍රී ලන්කාවේ වියළි කලාපයේබහුලව දකින්නට ලැබේ.මෙම ශාකය විද්‍යාත්මකව Azadirachta Indica ලෙස හදුන්වනු ලබයි.කොහොඹ දළු වල ඇති සාරය මගින් බැක්ටීරියා ආසාදන නිසා ඇති වන කුරුලෑ තත්වයන් සහ ලප කැලැල් දුරු කිරීමට හැකි බවද ආයුර්වේදයේ සදහන් වේ. කොහොඹ කොළ කොටා මුහුනේ ආලේප කරිමෙන් කුරුලෑ ආසාදන සුවපත් කිරීමට හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වා දේ. විවිද රාසායනික ආලෙපන භවිතා කිරීමෙන් ඇති වී තිබෙන ආසාදන තත්ව මෙන්ම බ්ලීචීන් අසාදන ද සුවපත් කිරීමට හොදම ඖෂදය කොහොඹ ලෙස පෙන්වා දිය හැක.

07.ගොටුකොළ

ආහාරයක් වශයෙන් මෙන්ම ඖෂදයක් වශයෙන් භාවිතයට ගත හැකි ‘ගොටුකොළ’ ඉන්දියාව, ශ්‍රී ලන්කාව ඇතුලුව නිවර්තන කලාපීය සහ උප නිවර්තන කලාපීය රටවල සරුවට වැවෙනා කුඩා පැළෑටියකි. සන්ස්කෘත භාෂාවෙන් දිව්‍ය මහා ඖෂදී’ ලෙස හදුන්වන මෙම ශාකය පෝශන ගුණ රාශියකින් සමන්විත වේ.ප්‍රෝටීන්, විටමින්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා කෙරටීන් ද ගොටුකොළ වල වැඩි වශයෙන් අන්තර්ගත වී ඇත. කුඩා දරුවන්ගේ බුද්දි වර්ධනයද ගොටුකොළ මගින් සිදු වන බවට පර්යේෂණ වලින් අනාවරනය වී තිබේ.ගොටුකොළ යුෂ පානය කිරීමෙන් ඔබේ සුන්දරත්වය වැඩි කිරීමේ හැකියාව පවතින බවද ආයුර්වේදයේ සදහන් වෙනවා. එමගුන් ඔබේ සම ප්‍රනවත් කර රැළි වැටුනු ස්වභාවයන් ඉවත් කර සම පැහැපත් කිරීමට දායක වන වබද ඔවුන් පෙන්වා දෙන අතට මේ ගොටුකොළ මගින් ඔබේ හිසකෙස් සම්බන්ද ගැටලු මගහරවා ගනිමින් දිගු නීරෝගී කෙස් කලබක් පවත්වා ගැනීමටද ඔබට උපකාරී වනු ඇත.

cityfashion

See all posts