Stylish Party Dresses and Frocks in Sri Lanka: Discover the Perfect Outfit for Every Occasion!
නාඩගම්කාරයයෝ සුදු චූටි, ගීතිකා, පොඩි දුව සහ ජානු අදින ලස්සන ගව්ම්

නාඩගම්කාරයයෝ සුදු චූටි, ගීතිකා, පොඩි දුව සහ ජානු අදින ලස්සන ගව්ම්

අද වන විට බොහෝ දෙනා අතර දැඩි කතා බහට ලක් වන ඉතාමත් කෙටි ම කෙටි කාලයකින් රසික හදවත් දිනා ගත්,සිහි වූ සැනින් මුවගට සිනහවක් ගෙන එන සුන්දර කතාන්ගයක් ලෙස ‘නාඩගම්කාරයෝ ‘ ටෙලි නාටකය ඉමහත් ජනතා ආදරයට සහ ආකර්ශනයට පත් වී ඇත. 2021 ජනවාරි 18 වන දින සිට රූපවාහිනියේ ප්‍රමුඛ පෙළේ නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ සෑම සතියේ දිනකම පස්වරු 9.30 සිට 10.00 දක්වා විකාශනය වන මෙම ටෙලි නාටකය තිර රචනය සිදු කර ඇත්තේ සද්ධා මන්ගල සූරිය බන්ඩාර මහතා විසින්ය.

අධ්‍යක්ෂනය ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතා අතින්ද, නිශ්පාදනය චාමර සමරවික්‍රම මහතා යන ත්‍රිත්වය මගින් සිදු වී ඇත. ඉතා දක්ශ ලෙස ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නට සමත් වූ මෙම ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාටකය හාස්‍ය රසයකින් යුක්තව නිර්මාණය වී ඇත. ‘නාඩගම්කාරයෝ ටෙලි සිතුවම වත්මන් සමාජය තුළ බාල මහලු, කාන්තා පිරිමි භේදයකින් තොරව බොහූ රසිකයන් පිරිසක් ආදරයෙන් වැලද ගෙන සිටීමට මෙයද ප්‍රධාන හේතු සාධකයක් ලෙස පෙන්වා දිය හැක. ඉතාමත් දක්ශ වගේම නවීන රන්ගන ශිල්පීන් සහ රන්ගන ශිල්පිනියන්ගෙන් හැඩ වැඩ වුනු නාඩගම්කාරයෝ ටෙලි නාටකය මේ වන විට බොහෝ දෙනා අතර සමාජයේ කතා බහට ලක් වන සුන්දර මාතෘකාවක් බවට පත් වී ඇත.

අපි දැන් ඔබට පවසන්න යන්නේ කව්රුත් ආදරය කරන නම කියූ සැනින් බොහෝ දෙනා දන්න හදුනන නාඩගම්කාරයෝ ටෙලි නාටකයේ එන ප්‍රධාන කාන්තා චරිත කිහිපයක් සහ ඔවුන් ඇදීමට වඩාත් ප්‍රිය කරන ගව්ම් විලසිතා පිළිබදව යි. නාඩගම්කාරයෝ ටෙලි නාටකයේ නමින් ‘ සුදු චූටි ‘ වන සෙනාලි ෆොන්සේකා, ‘ගීතිකා’ නමින් තම චරිතයට පණ පොවන ප්‍රවීනා දිසානයක, ජානු නමින් ඔබ අතරට එන මදුෂානි පෙරේරා සහ පොඩි දුව ලෙස තම රන්ගනය ඉදිරිපත් කරන නිම්මි මනෝහාරී යන මෙම රන්ගන ශිල්පිනියන් ගැන බොහෝ දෙනෙක් වැඩි අවදානයකින් සිටිනවා.ඒ ඔවුන්ගේ සුන්දරත්වය, ජනප්‍රියත්වය වගේම ඔවුන් තම රන්ගනයෙන් දායක වන නිර්මාණ වලට ප්‍රෙක්ෂකයන්ගේ හදවත් තුල ඇති කුතුහලය නිසා ය. ඉතින් මේ සුරූපී රන්ගන ෂිල්පිනියන් විවිධ මොස්තර වලට, නොයෙක් නොයෙක් විලාසිතාවන් වලට වැඩි ප්‍රමුකතාවයක් දී කටයුතු කරන බව අපට දක්නට ලැබේ.

වයස් භේදයකින් තොරව බොහෝ කාන්තවන් විලාසිතාවන් වලට වැඩි රුචියක් දක්වන බව අප සැවොම දන්නා පොදු කරුනක්.කාන්තාවන් බොහෝමයක් කැමතියි ලස්සන ලස්සන මෝස්තර වලට ඇදුම් අදින්න. ඉතින් මේ ගව්ම කියන්නේ ඒ අතරින් ඉතා ජනප්‍රිය බොහෝ දෙනෙක් ප්‍රිය කරන කාන්තා විලාසිතාවක් කිව්වොත් නිවැරදියි. ගව්මක් කිව්වම ගව්ම් වර්ග බොහෝමයක් අපට දැක ගන්නට ලැබෙනවා. උදාහරන ලෙස දිග ගව්ම්, කොට ගව්ම්, අත් කොට ගව්ම්, අත් දිග ගව්ම්, මල් ගව්ම් ආදී ලෙස නොයෙක් නොයෙක් ආකාරයෙන් ව්විධ වර්නයන්ගෙන් යුක්තව විවිධ විලසිතාවන් අනුව නිර්මාණය වන මේ ගව්ම් ගන්න වගේම අදින්නත් ගොඩක් දෙනෙක් වැඩි ආසාවක් දක්වනු ලබනවා.ඒ වගේම මේ ගව්ම් විලසිතාවන් වලට වෙළද පොලේ වැඩි ඉල්ලුමක් තිබෙනවා.කෙල්ලෙක් ලස්සනම ගව්මට කියලා කතාවකුත් තියනවනේ. ඒකනම් ඇත්තම ඇත්ත. බලන්නක්කො මේ සුදු චූටියි, ගීතිකයි, ජානුයි, පොඩ්ඩීයි ගව්ම් ඇන්දම කොච්චර ලස්සනයිද කියලා.

සුදු චූටි, එසේත් නැතිනම් සෙනාලි ෆොන්සේකා, එන්ගලන්තයේ උපත ලද සෙනලි ෆොන්සේකා කුඩා කළ පටන්ම එම රටේ හැදී වැඩුනු ශ්‍රී ලාන්කීය රන්ගන ශිපිනියකි. උපාලි ෆොන්සේකා හා සිය මැතිණියට දාව උපන් සෙනාලි ෆොන්සේකා සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මැතිණියගේ සහෝදරයාගේ [මල්ලි] දියනියයි. තම පව්ලේ එකම දරුවා වන සෙනලි, ෆොන්සේකා කලා පව්ලේ තවත් එක් සාමජිකයේක්ය. එන්ගලන්තයේ ඉපිද හැදී වැඩුනද සෙනලි ෆොන්සේකා වන මෙම රන්ගන ශිල්පිනියට ඇත්තේ ශ්‍රී ලාන්කීය ගැමි කාන්තාවකගේ සුන්දරත්වයක් ය. සෙනාලි ෆොන්සේකා පවසන ආකාරයට ඇය එන්ගලන්තයේ ඉපදුනද, එහි තමන් පදින්චිව සිටියද වැඩියෙන් ආදරය කරන්නේ ශ්‍රී ලන්කාවට බව ඇය බොහෝ අවස්තාවන් වල සදහන් කර සිටිනවා. සුන්දරත්වය දායාදයක් කොට ගත් සෙනාලි ෆොන්සේකා සෑම විටම සරල,චාම් පෙනුමකින් හැසිරෙන සුන්දර යුවතියකි. ‘ මට ඕනේ සරලව ඉන්න.මමත් ආසයි කරාබු, මාල, වළලු, ඇදුම් පැලදුම්, ලස්සන අත් බෑග් වලට. ඒවායේ එකතුවක් මා ලග තියනවා.’සෙනාලී ෆොන්සේකා මෙසේ තම අදහස් දිණමින පුවත් පතට එක් කර තිබෙනවා. ඉතින් අපි හැමෝම දන්න මේ සෙනාලි ෆොන්සේකා ලස්සනම ගව්මට.

නාඩගම්කාරයෝ හැඩ කරන තවත් එක් රන්ගන ශිල්පිනියක් වන ‘ගීතිකා’කිව්වම හැමොම දන්න කලා මගට අලුතෙන් පිවිසි ප්‍රවීනා දිසානායක මේ වන විට වැඩි දෙන්කුගේ හිත් දිනා ගත් නවීන රන්ගන ශිල්පිනියකි. ඇය අනුරාධපුරයේ එප්පාවල ඉහල හල්මිල්ලෑව යන සුන්දර ගම්මානයේ ජීවත් වන බවට සදහන් වේ. ලස්සන ගව්මින් සැරසිලා ‘ගීතිකා’ ලෙස නාඩගම්කාරයෝ ලස්සන කරන මේ අලුත් තරුව දිගු වරලසක් හිමි සුන්දර තරුනියකි. නර්තනයට මනා දක්ශතාවයක් දක්වන ප්‍රවීනා දිසානායක නාඩගම්කාරයෝ ටෙලි නාටකය තුළින් තම රන්ගන දිවියට මූලාරම්භයක් ගෙන ඇත.

ඒ වගේම හැමෝම හොයන නාඩගම්කාරයෝ ටෙලිනාටක ජානු හෙවත් මදුශානි පෙරේරා කොට්ටාව ප්‍රදේශයේ ජීවත් වේ. සාමජිකයන් සිව් දෙනෙකුගෙන් යුතු පව්ලක මදුශානි පෙරේරා බාල දරුවාය. රාවණා චිත්‍රපටයේ මණ්දෝදරී ගේ චරිත නිරූපනයෙන් සිනමාවට පියවර තබන මදුශානි පෙරේරා මේ වන විට විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සිත් වසගයට පත් කර ගෙන හමාරය. මේ වන විට නාඩගම්කාරයෝ ටෙලි නාටකයේ ජානු ලෙස රගපාන ඇය නිරූපන ක්ශේත්‍රයේද කැපී පෙනෙන චරිතයක් බවට පත් වී ඇත.ඇය කුඩා කළ ආසා කළේ ගුවන් සේවිකාවක් වීමට බව පුවත් පතට තම තොරතුරු පවසන ඇය දැන්නම් කලා ලොවේ නවක තරුවකි.

මාස්ටර්ගේ පොඩි දුව එසේ නැතිනම් පාටලීගේ නැගෙණිය වන අන්ජලීගේ චරිතය නිරූපනය කරන නාඩගම්කාරයෝ හී තවත් සුන්දර රන්ගන ශිල්පිනියක් වන මැය නමින් නිම්මි මනෝහාරි වේ. බොහෝ දෙනා ප්‍රිය කරන මහනුවර ප්‍රදේශයේ නිම්මි මනෝහාරී උපත ලබා ඇත. දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පව්ලක වැඩිමල් දියණිය වන්නේ ඇයයි.මහනුවර සීතා දේවී විදුහලේ අධ්‍යාපනය හාදාරා ඇති ඇය රන්ගන දිවියට අලුතෙන් අත් පොත් තබයි.නාඩගම්කාරයෝ ටෙලි නාටකයෙන් තම රන්ගන දිවිය අරඹන මේ සුරූපී රන්ගන ශිල්පිනිය මේ වන විට බොහෝ දෙනාගේ හදවත් දිනා ගන්නට සමත් වී ඇත.

අප දැන් ඔබට ගෙන එන්නේ සියල්ලන් ආදරය කරන, සෙනාලි ෆොන්සේකා, ප්‍රවීනා දිසානායක, මදුශානි පෙරේරා සහ නිම්මි මනෝහාරි යන නාඩගම්කාරයො හී සුරූපිනියන් වන මෙම රන්ගන ශිල්පිනියන් සිව්දෙනා කැමතිම ගව්ම් විලාසිතාවන්ගේ ඔබ නොදුටු ඡායාරූප පෙළකි. ඡායාරූප නැරඹීම සදහා පහත ලින්ක් එක මගින් සම්බන්ද වන්න.

ලින්ක් එක: https://youtu.be/nYnl5GHHvtU

ඔබට අවශ්‍ය ඕනෑම විලාසිතවන්ගෙන් ගව්ම් මිල දී ගැනීමට එකතු වෙන්න අපත් සමග. පැමිනෙන්න City Fashion වෙත. අපගේ face book පිටුව නරඹා ඔබට කැමති ගව්මක් තොරා ගෙන නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

City Fashion
Call 031 222 3939
facebook.com/cityfashionlk
363A,Main Street,Negombo.

cityfashion

See all posts